ඇමති බැසිල්ට එරෙහි නඩුවක අධිචෝදනා නීතිපති ඉවත් කර ගනියි

October 15, 2021 at 2:57 PM

GI බට නඩුවේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවකට එරෙහිව නගා ඇති අධි චෝදනා පත්‍ර ඉවත් කර ගැනීමට නීතිපතිවරයා පියවර ගැනිමටත් සමග එම චෝදනා වලින් ඔවුන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

2015 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු උදෙසා ප‍්‍රාදේශීය සභා අතර GI බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක යන අයට එරෙහිව නඩු පවරනු ලැබුවා.

විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව එම නඩුවට අදාළව ගොනු කර තිබු අධි චෝදනා නීතිපතිවරයා ඉවත් කර ගැනීමත් සමග ඔවුන් එම චෝදනා වලින් නිදහස් කිරීමට