LPL ක්‍රීඩා කරනවාද ? රෝහිත පිළිතුරු දෙයි

October 14, 2021 at 7:46 AM

තමන් ඉදිරියේදී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බවත්, ක්‍රිකට් පරිපාලනයට එක්වීමට අදහස් කරගෙන ඇති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතුණුවන් වන රෝහිත රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවලට අයත් වෙබ් අඩවි කිහිපයක්ම විසින් ඊයේ දිනයේදී තමන් පිළිබඳව අසත්‍ය පුවත් පළකර තිබෙන බවයි රෝහිත රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ.

” මම ක්‍රීඩාවක් කරනවානම් එය 100% ක් කැපවෙනවා. මොකද මම ඒ ක්‍රීඩාවට ආදරය කරන නිසා. ක්‍රිකට් පරිපාලනයට එන්න හෝ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මේ වැරදි පුවත පලකළ කිසිම මාධ්‍ය ආයතනයක් මගෙන් ඒ ගැන විමසුවේ නැහැ.

මම දැනට අවදානය යොමු කරල තියෙන්නේ සත් සාමාජික රගර් තරගාවලියට. ඒ තරගාවලිය ඔක්තෝම්බර් 30 සහ 31ක් වෙනිදා පවත්වන්න නියමිතයි.

නමුත් දැනට මම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා. ඒ මගේ ආදී තෝමියන් ක්‍රිකට් කණ්ඩායමත් එක්ක” රෝහිත රාජපක්ෂ කියා සිටියා.