දුරකථන අංකය වෙනස් නොකර, සේවා සපයන්නා වෙනස් කරන්න අවසර

October 14, 2021 at 12:10 PM

ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් සිය අනුමැතිය ලබාදුන් බව එම කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ඔෂද සේනානායක පවසනවා.

මෙම ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයාට තමන්ගේ වත්මන් දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන පහසුකම් සපයන සමාගමක් සමග සම්බන්ධවීමට හැකියාව ලැබෙනු ඇති.

සියලුම තාක්ෂණික කරුණු සපුරා ගැනීමෙන් පසුව මෙම පහසුකම 2022 වර්ෂයේ මාර්තු මාසය වන විට ක්‍රියාත්මක කිරීමට හැකිවෙනු ඇති බව විදුලි සංදේශන කොමිෂන් සභාව පැවසුවේ.

මෙම ක්‍රියාවලිය සඳහා තාක්ෂණික කරුණු අතින් වැදගත් වෙන සියලුම පාරිභෝගිකයින් ගේ දත්ත ඇතුලත් මධ්‍යම දත්ත ගබඩාවක් සකස් කරන ලෙස සියලුම සේවා සපයන්නන්ට TRCය විසින් දැනුම් දී ඇත.

ග්‍රාහකයින්ගේ අංක සිතියම් ගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මධ්‍යම දත්ත ගබඩාවක් අවශ්‍ය වෙන අතර දැනට මෙම පහසුකම ක්‍රියාත්මක රටවල් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් ගැන ද අධ්‍යනය කරන බවයි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේ.