සමාජ මාධ්‍යයේ පළවූ ජායාරූපයක් නිසා ඇමතිවරයෙක් ගත් පියවර

October 13, 2021 at 10:36 AM

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකෙරන බවට චෝදනා එල්ලවන නීති විරෝධී මෝර මසුන් ඇල්ලීමේ ධිවර කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට වහාම පියවර ගත් බව ධීවර වරාය සංවර්ධනය, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ජායාරූපයක් සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරිමට දැනටමත් කණ්ඩායමක් ත්‍රිකුණාමලය බලා පිටත්ව ගොස් ඇති බවයි.

වඳවී යාමේ තර්ජණය හේතුවෙන් මෝර මසුන් වර්ග කිහිපයක් ඇල්ලීම (පන්න) තහනම් කිරිමට ධිවර අමාත්‍යාංශ්‍ය මිට වසර ගණනාවකට පෙර නියෝග කරනු ලැබුවා.