කොළඹට ඇතුල්වෙද්දී මේ පාරෙන් එන්න : පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

October 13, 2021 at 2:41 PM

නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවමකිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කිරීම සම්බන්ධයෙන් පොලිසියෙන් විශේෂ දැනුම් දීමක් සිදුකර සිටිනවා.

පාලමේ ඉදිකිරීම් හේතුවෙන් බේස්ලයින් මාර්ගය හා වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන හා සවස් කාලයේ අධික රථවාහන තදබදයක් පවතින බවයි පොලීසිය සඳහන් කර සිටින්නේ.

ඒ අනුව නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දී සිටියි.