ශ්‍රී ලංකා – බංග්ලාදේශ පුහුණු තරගය : තරගයේ තොරතුරු ගැන ඔබ දැන ගතයුතු දේ

October 12, 2021 at 4:09 PM

ICC T20 තරගාවලියට සමගාමිව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු තරගය සඳහා අද ක්‍රීඩා කිරිමට නියමිතව තිබෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගයි.

මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ අබුඩාබි හි Tolerance Oval ක්‍රීඩාංගණයේදී.

ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව නම් කළ 15 දෙනාගෙන් යුත් සංචිතය මේ වන විට සම්පුර්ණ වී තිබෙනවා. ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්ව සිටි වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර නැවතත් කණ්ඩායමත් සමග එක්වීමත් සමගයි.

ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අද තරගයට ක්‍රීඩා කිරිමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු පුහුණු තරගය සජීවී විකාශයක් සිදු නොකරන බවට ICCය විසින් ප්‍රකාශ කර සිටින අතර cricinfo වෙබ් අඩවියද පන්දුවෙන් පන්දුවට තරගය පිළිබඳ විස්තර ලබාදීමක් සිදු නොකරන බවයි සඳහන් කර සිටින්නේ. කෙසේ වුවත් cricinfo වෙබ් අඩවිය විසින් විටින් විට තරගයේ ලකුණු පුවරුව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට නියමිතව ඇත.

එමෙන්ම දෙවන පුහුණු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පැපුවා නිව්ගිනීයාව සමග ඔක්තෝම්බර් මස 14 වෙනිදා අබුඩාබි හිදී ක්‍රීඩා කිරීමට නියමිතයි.

ICC T20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝම්බර් මස 17 වෙනිදා ඇරඹෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය ඔක්තෝම්බර් මස 18 වෙනිදා නැම්බියාව සමග ක්‍රීඩා කිරිමට නියමිතයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමග ඔක්තෝම්බර් 20 සහ 22 යන දිනවල ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.