රටේ සයිබර් ආරක්ෂාවට නව පනත් කෙටුම්පත් දෙකක්

October 12, 2021 at 10:18 AM

සයිබර් ආරක්ෂණ නීති පැනවීමට පනත් කෙටුම්පත් දෙකක් සකස් කිරිමටජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජාතික ආරක්ෂාවට අදාල කරුණු හැරුණු විට ජාතික තොරතුරු සහ සයිබර් ආරක්ෂණ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා නියාමන රාමුවක් සැකසීම සහ එම කාර්යන් සඳහා සෙසු ආයතන සමග කටයුතු කිරිමට සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී කටයුතු කෙරුණු ඇත.

එමෙන්ම සයිබර් ආරක්ෂාවට ඇති අවදානම් සහිත ක්‍රියාකාරකම් වැළැක්වීම සහ රට තුල සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරිම ද මෙම පනත් කෙටුම්පත් දෙක හරහා සිදුකිරීමට නියමිතයි.