ඩීසල් සහ පෙට්ට්‍රල් ඉහල නංවන්න අවශ්‍ය මිල LIOC හෙළි කරයි

October 12, 2021 at 12:22 PM

ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑමත් සමගම ඉන්ධන මිල ඉහල දැමීම සඳහා ශ්‍රී ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගම රජය වෙත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

LIOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා සඳහන් කලේ පවතින මිල ගණන් යටතේ අවම වශයෙන් ‍ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහල දැමීමට අවසර ඉල්ලා ඇති බවයි.

එමෙන්ම පෙට්ට්‍රල් ලීටරයක මිලද රුපියල් 15-16කින් ඉහල දැමිය යුතු බවට ඉල්ලීම් සිදුකර ඇති බවයි.

දැනට LIOC සමාගම දැනට පාඩු ලබන බැවින් එම තතත්ත්වය මග හරවා ගැනීමට මෙම මිල ඉහළ දැමීම සිදුකලයුතු බවයි එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා සඳහන් කර සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබන හෙයින් ඉන්ධන මිල වැඩි කිරිමට සිදුවෙන බවත් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවදානයට යොමු කිරීමට ඇමති උදය ගම්මන්පිල කටයුතු කර තිබෙනවා.