අගමැති දුන් විසඳුම!

October 12, 2021 at 6:06 PM

දින 90කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක ගුරුවිදුහල්පති වැටුප් විෂමතා වලට එරෙහි ව්‍ර්ත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හෙට ගුරු සංගම් රැස්වී තීරණයකට එළඹීමට නියමිත ය.

ඒ අද අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාව තීරණයකුන් තොරව අවසන් වූ පසුබිමකයි.

අද පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා අදියර දෙකක් යටතේ මෙම ගැටලුවට විසඳුම් යෝජනා කළේය.

 

කෙසේ වෙතත් ගුරු සංගම් නියෝජිතයන් මෙම හමුවෙන් පසු පැවසුවේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට නොඑළඹෙන බවයි.

හෙට රැස්වී ඒ පිලිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද ඔවුහු සඳහන් කළහ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසාදමා ඇති පාසල් වලින් සිසුන් 200ට අඩු පාසල් වල ප්‍රාථමික ශ්‍රේණි කිහිපයක් ලබන 21 දා විවෘත කිරීමට පළාත් කීපයකම ආණ්ඩුකාරවරු අනුමැතිය ද ලබා දී ඇත.