ඉන්ධන මිල ගැන ජනපති දුන් තීරණය

October 12, 2021 at 2:21 PM

පාඩු ලබමින් තිබෙන බැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත යුතු තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස රැස්වූ කැබිනට් මණ්ඩලයේ අවදානය යොමු වී තිබෙන බව “ලංකාදීප” වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

එහිදී ඉන්ධන මිල දැන්ම වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගනන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති, ඇමති උදය ගම්මන්පිල කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටියා.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්නැයි දැනුම් දී ඇති බවයි “ලංකාදීප වෙබ් අඩවිය” වාර්තා කර සිටියේ.