සුපිරි කාර් රථයක් හා ලොරි රථයක් ගිනි ගත් දෙල්කඳ මංසන්ධියේ රිය අනතුර (PHOTOS)

October 11, 2021 at 9:52 AM

නුගේගොඩ, දෙල්කද මංසන්ධිය අසල දී සුඛෝපභෝගී මෝටර් රථයක්, ලොරි රථයක ගැටීමෙන් එම වාහන දෙක ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

මෙම සුඛෝපභෝගී කාර් රථය පැදවූ රියැදුරා අනතුරින් තුවාල ලබා නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත.

දෙල්කඳ සිට මහරගම ප්‍රදේශය බලා ගමන් කර ඇති මෝටර් රථය අධික වේගයකින් ගමන් කොට ඇති බවයි වාර්තා වන්නේ.

එසේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථය මාර්ගය අසල නතර කොට තිබු ලොරි රථයේ ගැටී තිබෙනවා.

මෙම ලොරි රථය පෞද්ගලික රූපවාහීනි ආයතනයකට අයත් සංගීත උපකරණ ගොඩබාමින් සිට ඇති අතර, ගින්නෙන් ලොරි රථය තුල තිබු භාණ්ඩ කිහිපයක් ද ගිනි ගෙන විනාශ වී ඇත.