ඉන්ධන මිලත් ඉහළ දමන්න : තෙල් සංස්ථාව ඉල්ලයි

October 11, 2021 at 11:31 AM

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට පාඩු ලබන නිසා ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බව එම සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අද ප්‍රකාශ කළා.

” අගෝස්තු 31 වෙනිදා වෙන විට ඛණිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබනවා. මෙම පාඩුව මගහරවා ගන්න නම් අප සිදුකළ යුතු දේ වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමයි. මම ඇමතිතුමාගෙන් මේ ගැන අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටියා” යැයි සභාපතිවරයා සඳහන් කළා.