ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිය අයුරු

October 11, 2021 at 2:14 PM

ගෑස්, තිරිඟු පිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකම මිල ගණන් ඉහළ දැමීමට සමගාමිව ආපනශාලා හිමියන්ද සිය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.‬

‪ඒ අනුව අද සිට කොත්තු රොටි, කෑම පාර්සල් සහ කිරි තේ මිල රුපියල් 10 කින් ඉහළ දමන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටින්නේ.‬

මේ අතර තිරිඟු පිටි මිල ඉහළ දැමීම නිසා ග්‍රෑම් 450ක් බරින් යුත් පාන් රාත්තලක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාරිභෝගිකයා අපහසුතාවයට පත් නොවන අයුරින් සෙසු බෙකරී නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් බේකරි හිමියන් විසින් තීරණය කරනු ඇති බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළේ.