අගමැති සමග සාකච්ඡාව අපට නොවේ! ගුරු විදුහල්පති සංගම් කිහිපයක් කියති

October 11, 2021 at 5:04 PM

අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා හෙද සේවා සංගමයේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් අද ගුරු නියෝජිතයන් සමග සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය වරයාගේ ද සහභාගීත්වයෙන් පැවති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කෙසේ වෙතත් පවතින ගුරුවිදුහල්පති වැටුප් විෂමතා සටනේ නිරත ගුරු සංගම් සංධානය අද පස්වරුවේ සඳහන් කලේ අදාල රැස්වීමට තමන්ට කැඳවීමක් නොලද බවටයි.

අදාල රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය කල් ගිය බව දැනුම් දුන් බව ඔවුන් කියා සිටියහ.

පසුගිය අගෝස්තු 30දා තීරණය කරන ලද වැටුප් යෝජනාව සුබෝධිනී  වැටුප් යෝජනාවේ අදියරක් ලෙස එක වර ලබාදෙන ලෙස ඔවුන් අද රජයෙන් සිටියහ.
මෙය තම සංගමයේ නම්‍යශීලී භාවය හේතුවෙන් එළඹුණු  කරන ලද්දක් බවද එහිදී සඳහන් කෙරිණ .

ඒ අනුව අද කැබිනට් රැස්වීමේදී මේ පිලිබඳව සාකච්ඡා කොට තමන්ට සාකච්ඡාවක් ලබාදෙන ලෙස එම සංගම් ඉල්ලා සිටී.