මංකොල්ලකරුවන්ගේ පහරදීමෙන් කාන්තාවක් මියයයි

October 10, 2021 at 10:13 AM

මල්වතුහිරිපිටිය පිටුවල්ගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළුවු කොල්ලකරුවන් දෙදෙනෙක් නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට කළ පහර දීමකින් එක් කාන්තාවක් මිය ගොස් ඇත.

ඊයේ (09) අලුයම එම කොල්ලකරුවන් දෙදෙනා නිවසට ඇතුළු වී නිවසේ සිටි කාන්තාවන් දෙදෙනාට පහර දී, අත් පා බැඳ දමා නිවසේ තිබු දේපළ කොල්ලකෑමට තැත් කර තිබේ.

කොල්ලකරුවන් නිවසෙන් පිටව ගිය පසුව 119 දුරකථන අංකය ඔස්සේ පොලිස් තොරතුරු මධ්‍යස්ථානයට කළ දැනුම් දීමෙන් අනතුරුව මල්වතුහිරිපිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

පහරදීම හේතුවෙන් සිහිසුන් වු එක් කාන්තාවක් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ 77 හැවිරිදි පිටුවල්ගොඩ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

සැකකරුවන් අත්අඩගුවට ගැනීම සඳහා මල්වතුහිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.