ගෑස් වැඩිවන තීරණය අද!

October 10, 2021 at 7:06 AM

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (10)  අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් පවසයි.

 

ඒ අනුව නව මිල ගණන් යටතේ හෙට (11) දිනයේ සිට ගෑස් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව යි ගෑස් සමාගම් පවසන්නේ.

පැවති ලාෆ්ස් ගෑස් හිඟයට පිළියමක් ලෙස පසුගියදා රැස්වූ කැබිනට්  මණ්ඩලය ගෑස්, කිරිපිටි ,තිරිඟුපිටි සහ සිමෙන්ති පාලන මිල අහෝසි කිරීමට තීරණය කළේය.

මීට පෙරද ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ්ස් ගෑස් හිඟයක් මතුවූ අතර රජය ලිට්‍රෝ සහලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට අවසර ලබා  දුන්නේය.

නමුත් ලාෆ්ස් ගෑස් හිඟයක් සති දෙකකින් පමණ යලි මතුවූ අතර පවතින මිලට ගැස් සැපයිය නොහැකි බවයි එම සමාගම පෙන්වා දුන්නේ.

අද තීරණය වන මිල අනුව මෙරට පවතින ගෑස් හිඟය ද අවසන් වීමට නියමිතව ඇත.