පාලන මිල ඉවත් කළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

October 9, 2021 at 8:41 AM
කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් යන භාණ්ඩවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්.
කෙසේවෙතත් පාලන මිල ඉවත් කර ඇති භාණ්ඩ අසාමාන්‍ය මිලකට අලෙවි වන්නේ නම් ජනතාවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ.

කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල නව මිල ගණන් අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.