කිරිපිටි මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

October 9, 2021 at 10:16 AM

අද සිට ක්‍රියාත්මක කරනු ලබන කිරිපිටි සඳහා වන නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. ඒ රජය විසින් කිරිපිටි සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමත් සමගයි.

කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශයට පත් කළ නව මිල ගණන් පහතින් :

කිරිපිටි කිලෝවක නව මිල රු.1195ක් වන අතර එය රුපියල් 250කින් ඉහළ දමා ඇත.

ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති අතර නව මිල වන්නේ රුපියල් 480ක්.