NDB සන්නාම තානාපති දිමුත් කරුණාරත්න නව vKYC පාරිභෝගිකයින් මවිතයට පත් කරයි

October 8, 2021 at 11:38 AM

මෙම අභියෝගාත්මක කාලය තුළ NDB බැංකුවේ ආදරණීය ගනුදෙනුකරුවන්ගේ ජීවිතවලට යම් උත්තේජනයක් ගෙන දීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක සහ බැංකුවේ සන්නාම තානාපති දිමුත් කරුණාරත්න පෞද්ගලිකව ම Know Your Customer ගිණුම් සත්‍යාපන ක්‍රියාවලියට එක් වූයේ ය.

ඒ අනුව, තම නිවෙස් වල ආරක්ෂිතව සිටිමින් ගිණුමක් ආරම්භ කිරීමට පෙර පාරිභෝගිකයින්ගෙන් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට කෘත්‍රිම බුද්ධිය (AI) උපයෝගී කරගනිමින් ප්‍රශ්න අසනු ලබන සම්මුඛ සාකච්ඡාවලට දිමුත් කරුණාරත්න සහභාගී විය. ඔහු මේ සඳහා සහභාගී වන බවක් පාරිභෝගිකයින් දැන සිටියේ නැත.

”මේ වගේ දුෂ්කර කාල පරිච්ඡේදයේදී, අනාගත ගනුදෙනුකරුවන්ට තම නිවසේ සිටම ආරක්ෂා සහිතව ගිණුමක් ආරම්භ කළ හැකි අති නවීන තාක්ෂණයක් NDBබැංකුව ලබා දී තිබෙනවා,” දිමුත් කරුණාරත්න පවසයි. ”ඉතින් මමත්, ගනුදෙනුකරුවන්ට ක්‍රමානුකූල හා ආරක්ෂිත ක්‍රමයක් ලබා දෙන්න බැංකුව සමඟ සතුටින් එකතු වුණා.”

තම ගනුදෙනුකරුවන්ට  බැංකුකරණයේ අනාගතය කෙබඳුද යන්න පෙන්වා දීම සඳහා NDB බැංකැව දියුණු තාක්‍ෂණය සහ නවෝත්පාදනයන් ඒකාබද්ධ කර ඇත. සමාජ දුරස්ථභාවය දිරිමත් කරන සමයක, NDB බැංකුව විසින් NEOS PAY පහසුකම NEOS ඇප් එක හරහා හඳුන්වා දුන් අතර, මෙමඟින් QR code පහසුකම භාවිතා කර පාරිභෝගිකයින්ට වෙළෙන්දන්ට ගෙවීම් කිරීමට, වෙනත් බිල්පත් ගෙවීමට පමණක් නොව, එය හරහාම බැංකු ගණුදෙනු ද කළ හැකි අවස්ථාවක් උදා විය. ඉන් NDB NEOS යනු තනි ඇප් එකක් තුළ බැංකු හා වෙළඳ ගණුදෙනු සැපයූ ශ්‍රී ලංකාවේ පළමුවැන්න බවට පත් විය.  ඉන් ඔබ්බට යමින් අනෙකුත් බැංකු වල ගනුදෙනුකරුවන්ට ද ඔවුන්ගේ අනෙකුත් බැංකු ගිණුම් විස්තර උපයෝගී කරගනිමින් NDB NEOS සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ද ලබා දී තිබේ. මෙම හැකියාව JustPay ජාලය හරහා ලද පහසුකමක් වන අතර අනෙකුත් බැංකු ගිණුම් හරහා NEOS ඇප් එක හරහා  QR code පහසුකම භාවිතා කර බිල්පත් සහ වෙළඳ ආයතන සඳහා ගෙවීම් කිරීමටද හැකියාව ලැබේ.

බැංකුව සිය ඩිජිටල් පරිණාමයේ දී මෙරට ප්‍රථම වරට එක් කරන ලද විශේෂාංග අතරට එක්වූ තවත් අංගයක් වූයේ නවතම වීඩියෝ KYC (vKYC) පදනම් කරගත්  ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලියයි.  මෙමඟින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් (AI) තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගිකයින්ට ශාඛාවකට නොගොස් නිවසේ සිටම තම ආරක්ෂාව හා පහසුව සලසා ගනිමින් NDB ගිණුම්  විවෘත කිරීමට ඉඩ සලසයි. මේ නිසා වසංගතය මධ්‍යයේ වුවත් පාරිභෝගිකයින්ට දැන් තම බැංකු කටයුතු කිසිම බාධාවකින් තොරව ආරක්ෂාකාරීව සිදු කල හැක. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ බැංකුව අතර ඇති කරගන්නා ලද සහයෝගීතාවක් හරහා, ජාතික හැදුනුම්පත් පරීක්ෂා කර ගැනීමට බැංකුවට හැකි බැවින් මෙම ක්‍රියාවලිය වඩා පහසුව ඇත.

තමන් කැමතිම  ක්‍රිකට් තරුවක් වන දිමුත් කරුණාරත්න මෙම ගිණුම් සත්‍යාපන ක්‍රියාවලියට එක් වීම පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් පුදුමයට සහ සතුටට පත් කරන ලදී. මෙවැනි බැරෑරුම් වකවානුවක මෙවැනි සේවාවක් හඳුන්වාදීම ගැනද බොහෝ පාරිභෝගිකයන් තම කෘතඥතාවයද පල කරන ලදී. මෙහි වීඩියෝවක් NDB ෆේස් බුක් පිටුවේ ((https://www.facebook.com/ndbbankplc/videos/5106204729406446) සහ Youtube චැනල් එකෙන් (https://www.youtube.com/watch?v=OGaKuUObyZw) නැරඹිය හැක.

බැංකුවේ සේවාදායකයින්ට මෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයින්ට නව ක්‍රමවේද නිරන්තරයෙන් හඳුන්වා දෙමින් තරගකාරීත්වයන් මධ්‍යයේ වුවද NDB බැංකුව අඛණ්ඩව ඩිජිටල් බැංකුකරණයේ ඉදිරියෙන්ම රැඳී සිටියේය. ඒ අනුව,  NDB බැංකුව ඒෂියාමනි සඟරාව විසින් 2021 වසරේ සම්මාන උළෙලේදී “හොඳම ඩිජිටල් බැංකුව” ලෙස ද සම්මානයට පාත්‍ර වූයේය. තවද එක්සත් ජනපදයේ Global Finance සඟරාව විසින් 2021 හොඳම බැංකුව ලෙසත්, එක්සත් රාජධානියේ බෑංකර් සඟරාව විසින්  “ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව – 2020” ලෙසත්  NDB බැංකුව නම් කරන ලද NDB යනු ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත කර ඇති 4 වන විශාලතම බැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම ද වේ. ශ්‍රී ලංකාවේ ඇති එකම මූල්‍ය සේවා සමූහය වන භෘඊ සමූහය සිය සියලුම සමාගම් නිෂ්පාදන හා සේවා පිරිනැමීම් වෙත සිය ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම තුළින් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළේ වර්ධනයට හා සංවර්ධනයට සහාය වන්නකු ලෙස සුවිශේෂී ස්ථානයකට එළැඹ සිටියි.