හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර දැඩි සත්කාර ඒකකයේ

October 8, 2021 at 11:34 AM

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටිනවා.

දින 03 කට පෙර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්දුල වර්ණපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ පළමු නායකයා බවට පත් කිරීමේ ගෞරවය හිමිවුයේ බන්දුල වර්ණපුරටයි.

නිව්ස් වයර් වෙත අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ බන්දුල වර්ණපුරට ඉක්මන් සුවය පතන ලෙසයි.