මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරට එරෙහිව දැමූ නඩුව සම්බන්ධයෙන් පොලීසිය භාර ඇමති කරුණු පහදයි

October 8, 2021 at 11:43 AM

ඊයේ මෙරට දී එකවර කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධුර තුනක් සඳහා උසස්වීම් ලබාදීමත් සමග මෙරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියන් 4ක් සේවයේ නිරත වේ.

මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පති වරිය වන්නේ බිම්ශානි ජාසිං ආරච්චි ය.

ඇයගේ උසස්වීම ලැබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙදී ය.

නමුත් ඇයගේ පත්වීමට එරෙහිව උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා ලදී.

ඒ අනුව ඇයට තනතුර අහිමිවූයේදැයි මාධ්‍යවේදීන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් විමසූ අතර ඔහු සඳහන් කළේ.

“ඒ තාක්ෂණික ගැටලුවක් මත දැමූ නඩුවක්,  දැන් ඒ සියල්ල නිරාකරණය වී තිබෙනවා ,දැන් අපට කාන්තා නියෝජ්‍ය පොලිස්පති වරියන් සිව් දෙනෙකු සිටිනවා.”

ඉදිරියේදී  මෙරට පොලිස් ස්ථාන සඳහා කාන්තා පොලිස් ස්ථානාධිපති වරියන් පත් කරනබවද අමාත්‍ය වරයා පැවසීය .