ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් : පුද්ගලයින් 60ක් ජිවිතක්ෂයට

October 8, 2021 at 6:44 PM

ඇෆ්ගනිස්ථානයේ, කුන්දාස් නගරයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 60 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම බෝම්බ ප්‍රහාරය ෂියා මුස්ලිම්වරුන්ගේ දේවස්ථානයක් ඉලක්ක කරගෙන සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

අද උදෑසන එල්ලවූ මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයෙකු භාර ගෙන නොමැත.

බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස තවත් ඉහළ යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර සිටින්නේ.