අවුරුදු 18-19 සිසු සිසුවියන්ට ෆයිසර් එන්නත දෙන්න ජනපතිගෙන් උපදෙස්

October 8, 2021 at 12:03 PM

ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට වයස අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පසුවන දරු දැරියන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මෙම වයස් ඛාණ්ඩවල පසුවන සිසු දරු දැරියන්ට ඔවුන්ගේ පාසල් වල සංවිධානය කෙරෙන එන්නත් කඳවුරු හරහා මෙම එන්නත ලබාදීමට කටයුතු කරනු ලබන බවයි. එමෙන්ම දැනට පාසැල් හැර ගොස් සිටින මෙම වයස් කාණ්ඩයේ සිසු සිසුවියන්ට ඔවුන්ගේ පදිංචියට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින්ද අදාළ එන්නත ලබාගත හැකි බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.