‪අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල ගැන රජය ගත් තීරණය

October 7, 2021 at 10:45 PM

කිරිපිටි, ගෘහස්ථ ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරිමට රජය තීරණ කර තිබෙනවා.‬ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් සමග අද පැවති සාකච්ජාවේදී මේ සම්බන්ධයෙන් වන තීරණය ගෙන ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කලේ.

එමෙන්ම අනවශ්‍ය ලෙස මෙම භාණ්ඩ වල මිල ගණන් ඉහළ දැමීමට ඉදිරියේදී ඉඩ ලබා නොදෙන ලෙසටද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ගෑස් සිලින්ඩරයක මිල රු.555කින් ද, කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු.300කින් ද, සිමෙන්ති කොට්ටයක මිල රු.100කින් සහ තිරිඟු පිටි කිලෝවක මිල රු.20කින් ද ඉහළ දැමිය යුතු බව එම සමාගම් හිමිකරුවන් සහ ආනයනකරුවන් දිගින් දිගටම රජයෙන් ඉල්ලීම් කරනු ලැබුවා.