ලෝකය පුරා ලංකාවේ නම තැබූ තරිඳුගේ රාවණා 01 චන්ද්‍රිකාව විනාශ වෙයි

October 7, 2021 at 1:10 PM

ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සමත් වූ තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා එක්ව සිදුකළ පණිවුඩ චන්ද්‍රිකා ව්‍යාපෘතිය පසුගියදා සාර්ථකව අවසන් විය.
ඒ ඔවුන්ගේ රාවණා 01 පණිවුඩ චන්ද්‍රිකාව සිය දෙවසරක මෙහෙවර අවසන් කොට විනාශ වීමත් සමගිනි.

මෙම චන්ද්‍රිකාව පසුගිය 2019 වසරේ ජූලි මාසයේ කක්ෂ ගත කෙරුණේ බර්ඩ්ස් 4 චන්ද්‍රිකා ව්‍යාපෘතිය යටතේ ජපානයේ සිටයි.

තරිඳු සහ දුලානි එරට අභ්‍යාවකාශ විද්‍යාව හදාරති.

මෙම චන්ද්‍රිකාව ආධාරයෙන් එවූ ලංකාවේ ඡායාරූප කිහිපයක්ද පසුගියදා එලි දක්වා තිබුණි.

කෑගල්ල පින්නවල ප්‍රදේශයේ පදිංචි තරිඳු පසුගිය දා ලංකාවට ආ අවස්ථාවේදීත් මෙම චන්ද්‍රිකා වේ Signal ලබා ගැනීමට සිය ගම් පියසේදීම සමත් විය.

මෙම කුඩා කියුබ් හැඩැති චන්ද්‍රිකා සාමාන්‍යයෙන් කක්ෂ ගතව ගමන් ගන්නා අතරතුර පොලොව දෙසට ඇදී එන අතර එය පොලෝ වටා 11700කට අධික වාරයක් ගමන් කර ඇත.

පොලොවට කිලෝමීටර් 200ක ආසන්නයට එම රාවණා චන්ද්‍රිකාව පසුගිය සැප්තැම්බර් මාසයේදී පැමිණි අතර පොලොවේ ගුරුත්වාකර්ෂණ ප්‍රතිරෝධය සහ තවත් කරුණු බලපෑමෙන් එය සැලසුම් කල පරිදිම ගිනිගෙන විනාශ විය.