හෙට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

October 6, 2021 at 8:24 AM

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා. හෙට පස්වරු 05ට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

එමෙන්ම වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වයන් සම්බන්ධායෙන් ද මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුවෙනු ඇත.

ඒ අනුව මෙම සතිය තුළ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පවත්වනු ලබන්නේ දෙවන වරටයි.

කෙසේවෙතත් සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සිදුකර ඇති යෝජනාව පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවත් මේ දක්වාත් එම භාණ්ඩ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ.