ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට පැමිණෙයි

October 6, 2021 at 8:09 AM

ලොව විශාලතම බහලුම් නෞකාව වන ‘EVER ACE’ නෞකාව ඊයේ රාත්‍රියේ කොළඹ වරායට සේන්දුවූ බව වරාය අධිකාරිය පවසනවා.

මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක්වන අතර කොළඹ වරාය ද ඊට ඇතුළුවීම විශේෂත්වයක්.

වරාය අධිකාරිය දැනුම් දෙන්නේ ‘EVER ACE’ නෞකාව කොළඹ වරාය වෙත පිවිසි මංගල ගමන ද මෙය බවයි වරාය අධිකාරිය පවසන්නේ.

මෙය ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වන බවද වරාය අධිකාරිය පවසන්නේ.