පැන්ඩෝරා ලේඛණ වලින් හෙළිවූ ලාංකිකයින් ගැන ජනපති ගත් තීරණය

October 6, 2021 at 10:26 AM

මීට දින කිහිපයකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ Pandora පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන් වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක ට්විටර් සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් සඳහන් කර සිටිනවා.