ගුරු දිනයේදී මෙරට ගුරුවරුන්ට හැඳුනුම්පතක්

October 6, 2021 at 1:59 PM

ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදට යෙදුන ගුරු දිනයේ දී සිදුවිය.

මෙතෙක් ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිල හැඳුනුම්පතක් නිකුත් කර නොතිබිණි.

 

එහි දී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ

අපේ දරුවන්ට ගුණ නැණ බලය පමණක් නොව දැනුම එක්කර හොඳ පුරුවැසියෙක් බවට පත්කරන්නේ ගුරුවරයායි. එම නිසා අපි ගුරුවරුනට වන්දනීය ගරුත්වය පුදකල යුතුයි. එවන් වටපිටාවක ගුරුවරුන්ගේ ආරක්ෂාව දියුණුව හා ඒ සඳහා වූ අයිතිවාසිකම්වල සුරක්ෂිතාවය තහවුරු කරන්නට අපි කැපවිය යුතුයි.

ගුරු පරම්පරාව වෙත අපෙන් ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරිමට අපි බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම යුතුකම් සහ වගකීම් අවබෝධ කර ගනිමින් ලක්ෂ 43 ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු වශයෙන් රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතු වෙනවා.”