ෆේස්බුක් , වට්ස් ඇප් බිඳ වැටුණු රාත්‍රියේ ‘ට්විටර්’ කරළ පැහුණු හැටි. තවමත් වට්ස් ඇප් නොලැබුණු අයටත් පණිවුඩයක්

October 5, 2021 at 6:46 AM

ගතවූ දිනයේ රාත්‍රියේ ෆේස්බුක් ,වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල හදිසියේ බිඳවැටුණ අතර එය පැය කිහිපයකින් යතා තත්ත්වය ට පත් විය.

කෙසේ වෙතත් එම තත්ත්වය හරහා ෆේස්බුක් සමාගමේ කොටස් අගය පහල වැටීමෙන් ඩොලර් බිලියන 5 කට අධික පාඩුවක් සිදුව ඇති බව ද වාර්තා විය.

මෙලෙස ලොවපුරා එම සමාජ මාධ්‍ය බිඳවැටීමත් සමග ට්විටර් සමාජ මාධ්‍ය වෙත ආ පරිශීලකයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහල ගියේය

ඊයේ රාත්‍රියේ ට්විටර්  සමාගම පලකළ ට්විටර් පණිවුඩයකට ලොව පුරා ප්‍රකට සමාගම් ප්‍රතිචාර දැක්වීමටයි කටයුතු කළේ.

ඒ අතර වට්ස් ඇප් සමාගමද විය.


එය ඉතා රසවත් සංවාද බවට පත්වීමත් විශේෂත්වයකි .

මේ මැක්ඩොනල්ඩ්ස් සමාගම දක්වා තිබූ ප්‍රත්චාරයයි.


 

 

 

 

 

 

 

 

ඇම්නෙස්ටි ඉන්ටනැශනල් ආයතනයද එම සංවාදයට එක්වූ අතර යහපත් හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් සිහිපත් කර තිබුණි.

 

මේ තවත් ලෝක ප්‍රකට   සමාගම් එම සංවාදය ට එක්වූ ආකාරයයි .

ඒ අතර චෙන්නායි සුපර් කිංස් , වයිබර් , සූම් සමාගම් ද ඇමෙරිකාවේ ප්‍රමුඛ අවන්හල් ජාලයක් වන ස්ටාර් බක්ස් සමාගම ද විය.

 

 

මේ අතර වට්ස් ඇප් සමාගම යතා තත්ත්වයට පත් වූ පසුවත් මෙතෙක් අපහසුතාවට පත් පරිශීලකයින් වෙත් නම් ඔවුන්ට එම සමාගම විශේෂ පණිවුඩයක් නිකුත්කර තිබේ.

“අප ඉතා සෙමෙන් සහ සුපරීක්ෂාකාරී ලෙස යලි යතාතත්වයට පත්වෙමින් සිටිමු.
ඔබේ ඉවසීමට ස්තුතියි ”
ලෙස එහි සඳහන් ය.