පැය කිහිපයකින් ෆේස්බුක් හිමිකරුගේ ඩොලර් බිලියන 07ක් අහිමිවෙයි

October 5, 2021 at 11:08 AM

ලොව ධනවතුන් ගේ ලැයිස්තුවෙන් ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් පහතට වැටී තිබෙනවා. පැය කිහිපයක් තුල ෆේස්බුක් සමාගමේ හිමිකරුගේ වත්කම් ඩොලර් බිලියන 07කින් පහතට වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ෆේස්බුක් ඇතුළු එම සමාගම සතු සමාජ මාධ්‍ය අඩවි මගින් පරිශීලිකයින් අපහසුතාවයන්ට ලක්වීම ඇතුළු එහි සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් එම ආයතනයේ සේවය කළ නිලධාරිනියක් විසින් පසුගියදා හෙළිකරනු ලැබූ අතර ඒ සමගම ඊයේ දිනයේදී ඔහුගේ කොටස් අගය සීයයට 4.9කින් පහතට වැටී ඇති බවයි වාර්තා වන්නේ. සැප්තැම්බර් මාසයේ දෙවන සතියේ සිට ඊයේ දිනය වන විට ෆේස්බුක් සමාගමේ කොටස් අගය සීයයට 15කින් පහත වැටී ඇත.

ඊයේ දිනයේදී කොටස් මිල පහත වැටීමෙන් මාර්ක් සකර්බර්ග්ගේ වටිනාකම ඩොලර් බිලියන 121.6 දක්වා පහළ ගිය අතර, බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකය අනුව ඔහුව බිල් ගෙට්ස්ට පහළින් අංක 5 දක්වා පහතට ගොස් ඇත. බ්ලුම්බර්ග් දර්ශකයට අනුව පසුගිය සති කිහිපය තුලදී ඔහුගේ වත්කම ඩොලර් බිලියන 140කට අධික ප්‍රමාණයකින් අඩුවී ඇති බව සඳහන්.

සැප්තැම්බර් 13 දා, වෝල් ස්ට්රීට් ජර්නල් වෙබ් අඩවිය විසින් ෆේස්බුක් සමාගමේ හිටපු සේවිකාවක් විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගනිමින් එම සමාගමේ අභ්‍යන්තරව සිදුවන ඇතැම් කරුණු සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු අනාවරණයක් සිදුකිරීමත් සමග මාර්ක් සකර්බර්ග් ගේ වත්කම් කඩා වැටීම ආරම්භ විය.

kiur6il8