පාසල් 3000ක් ආරම්භ කරන දිනය ගැන නිවේදනයක්

October 5, 2021 at 5:52 PM

අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගිය දිනවල දිගින් දිගටම කළ සාකච්ඡා හා පැමිණි එකඟතා හා අද පැමිණි අවසන් නිගමනය මත සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 – 5 ශ්‍රේණි) දක්වා එළඹෙන ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මේ අනුව පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000 කි.