යෝහනිට රාජ්‍ය සම්මානයක්

October 4, 2021 at 10:56 AM

ලොවපුරා ජනප්‍රිය වී සිටි නව පරපුරේ ගායිකාවක් වන යෝහානි සිල්වාට ඉදිරියේදී රාජ්‍ය සම්මානයක් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකා නාමයට ජාත්‍යන්තරය හමුවේ කීර්තියක් අත්කර දීමට කලාකාරිණියක් ලෙස යෝහානි කටයුතු කළ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඇයට රජයේ සුභාශිංසන පිරිනමන බවද ප්‍රකාශ කර සිටියා.

සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ විසින් පාර්ලිමේන්තුවේ දී නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.