මෙරට හිටපු අමාත්‍යවරියකගේ නමත් පැන්ඩෝරා ලේඛණවල සටහන් වෙයි

October 4, 2021 at 12:38 AM

ලොවපුරා සිටින රාජ්‍ය නායකයින්, දේශපාලඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාවය සඟවමින් සිදුකරනු ලැබු මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ICIJ යනුවෙන් හඳුන්වනු ලබන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය සමත්ව තිබෙනවා.

මිලියන 12කට අධික ලිපි වලින් යුක්ත මෙම හෙළිදරව් කිරිම පැන්ඩෝරා පත්‍ර (Panadora Papers) යනුවෙන් නම් කර තිබෙනවා.

මෙලෙස නිකුත් කර ඇති ලේඛණ වලට අනුව මෙරට සිටි අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ ගේ නමද ඇතුලත් බවට කරුණු වාර්තා වී තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් පැන්ඩෝරා ලේඛණවල සඳහන්ව තිබු ආකාරයයි.

https://www.icij.org/investigations/pandora-papers/power-players/?player=nirupama-rajapaksa