ඩිජිටල් අත්සන භාවිතය නිල වශයෙන් අද සිට

October 4, 2021 at 3:15 PM

අධිකරණ අමාත්‍යාංශය ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අද දින (04) ආරම්භ කරනු ලැබුවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් අද දින පෙරවරුවේ ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවක් පත් කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා අමාත්‍යවරයාගේ ඩිජිටල් අත්සන තබමින් නිල වශයෙන් ඩිජිටල් අත්සන් භාවිත කිරීමේ වැඩ සටහන ආරම්භ කරනු ලැබුවා.

කොවිඩ්-19 වැනි වසංගත අවස්ථාවන්වලදී දුරස්ථව සිට රාජකාරී කටයුතු සිදු කිරීමේදී ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබා දීම මෙහි ප්‍රධානතම අරමුනයි.

ඩිජිටල් අත්සන යනු ISO 27001:2013 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ආරක්ෂිතත, පහසු හා ලාභදායී විසදුමක් වන අතර 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනත යටතේ නීතිමය පිළිගැනීමක් සහිත විසඳුමකි.

ඉදිරියේදි අධිකරණ අමාත්‍යාංශය හා අධිකරණ තුළ ඩිජිටල් අත්සන යොදා ගනිමින් සාමාන්‍ය ජනතාවට වඩාත් වේගවත්ව මෙන්ම කාර්යක්ෂමව ලිපි, ලේඛන හා වාර්තා යනාදිය මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය අපේක්ෂා කරයි.