කොවිඩ් මරණ සිහිකරන්න අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩවියක්

October 4, 2021 at 1:46 PM

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ සිහි කිරීම වෙනුවෙන් ඔන්ලයින් අවකාශය ඔස්සේ ‘කෝවිඩ් 19 අනුස්මරණ ස්මාරකයක්’ නිර්මාණය කර තිබෙනවා.

ඔක්තෝම්බර් 02 වෙනිදා වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ 13,059ක් වාර්තා වන අතර මේ වන විටත් එලෙස මියගිය පුද්ගලයින් 761 දෙනෙකුගේ තොරතුරු මෙම ස්මාරකය තුළ ලේඛනගත කර ඇති බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ.

දිවයිනේ කොවිඩ් මරණ වාර්තා වූ සෑම ප්‍රදේශයකම කාන්තා සහ පිරිමි මරණ වෙන වෙනම දැක්වෙන පරිදි අරලිය මල සංකේතවත් කරමින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

එම වෙබ් අඩවියට පහතින් පිවිසෙන්න..

https://srilankac19memorial.org/