සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට

October 3, 2021 at 4:38 PM

ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ෂාරුක් ඛාන් ගේ පුත්‍රයා ඇතුළු 08 දෙනෙකු එරට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ දී සිදුකළ වැටලීමකදීය.

මුහුදේ නෞකාවක පවත්වමින් තිබු සාදයක් වැටලීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන අතර එහි තිබී කොකේන්, එක්සිටිසි ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකිවී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු පැවසුවේ.

මුම්බායි නගරයට නුදුරෙන් වූ මුහුදේ දී මෙම වැටලීම සිදුකර ඇති අතර සිය පුත්‍රයා වන ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා ෂාරුක් ඛාන් හෝ ඔහුගේ නීතිඥයින් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.