සංචරණ සිමා ලිහිල් කිරීමට හැකිවෙන දිනය ගැන හමුදාපති ගෙන් පැහැදිලි කිරීමක්

October 3, 2021 at 9:58 AM

දැනට ක්‍රියාත්මක ඇතැම් සංචරණ සීමාවන් ද ඔක්තෝබර් 16 වැනිදා සිට ලිහිල් කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් මර්දන කමිටුවේ සභාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ජනතාව පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් පිළිපදිමින් කටයුතු කළ හොත් දෙසැම්බර් මාසයවන විට කොවිඩ් අවදානම මෙරටින් තුරන් කළ හැකි බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,000 ඉක්මවා ගිය අතර ඊයේ දිනයේ මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 855ක්.