බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම

October 3, 2021 at 10:02 AM

බස්නාහිර පළාතේ ඊයේ (02) උදෑසන 06 සිට සවස 6 දක්වා කාලය තුළ සිදුකරනු ලැබූ විශේෂ පොලීසිය මෙහෙයුමකින් පුද්ගලයින් 1,156 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවිධ වැරදි සම්බන්ධයෙන් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකළ එම මෙහෙයුමේදී අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 531ක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 54ක් සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 491ක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.