දිනකට මිනිස් ජිවිත 55ක් බිලිගන්නා මාරකය

October 3, 2021 at 10:55 AM

මත්වතුර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 55 දෙනෙකු පමණ ජීවිතක්‍ෂයට පත් වන බව දුම්කොල සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසනවා.

එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්‍ෂ සදහන් කළේ මත්වතුර භාවිත කරන පුද්ගලයන් හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද ආර්ථික හා සමාජීය ගැටළු රැසකට මුහුණ දෙන බවයි.

මත්වතුර භාවිතය හේතුවෙන් පැයකට රුපියල් කෝටි දෙකක වියදමක් දැරීමට සෞඛ්‍ය අංශවලට සිදුව ඇති බවයි ඔහු සදහන් කළේ.

කෙසේවෙතත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට තුළ මත්වතුර භාවිතයේ අඩුවක් දක්නට ලැබෙන බවයි දුම්කොල සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්‍ෂ වැඩිදුරටත් සදහන් කළේ.

ලෝක අමද්‍යප දිනයද අදට යෙදී ඇති අතර මේ හේතුවෙන් අද දිනයේ සුරාසැල් වසා තැබීමට නියෝග කළ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.