රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

October 1, 2021 at 1:38 PM

රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. මුලික කරුණු 15කින් යුක්තව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි විසින්ය.

රට නැවත විවෘත කිරීමේදී රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවන ලෙස මෙහිදී ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත. එමෙන්ම සේවයට කැඳවනු ලබන නිලධාරීන් හැර සෙසු නිලධාරීන් සහ නිලධාරිනියන් සිය නිවසේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජකාරී කිරීමට ක්‍රියා කළ යුතුය.

රාජ්‍ය සේවයට නැවත සේවකයින් කැඳවීමේ දී ගර්භණී නිලධාරිනියන්, කිරිදෙන මව්වරුන් හා විශේෂ රෝගාබාධ වලින් පෙලෙන නිලධාරීන් සේවයට නොකැදවීමට කටයුතු කළ යුතු බවට උපදෙස් ලබාදී ඇත. යම් හෙයකින් එම නිලධාරිනියන් හෝ නිලධාරීන් සේවයට කැඳවිය යුත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් බවත් එමෙන්ම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ද සිදුකළ යුතු බවට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.

නිලධාරීන් සේවයට වාර්තා කිරීමේ සහ පිටවීමේ ලේඛණයක් පමණක් පවත්වාගෙන යෑම ප්‍රමාණවත් බවට මෙහිදී උපදෙස් ලබාදී ඇත.

කොවිඩ් මර්ධන එන්නත ලබානොගත් සේවකයින් සිටිනම් ඔවුන්ට එන්නත් ලබාගැනීම සඳහා දිරි ගැන්විය යුතු බවත් එන්නත් කාඩ්පත ඉල්ලු අවස්ථාවන් වලදී එය ලබාදීමට සේවකයින් කටයුතු කළ යුතු බවටද උපදෙස් ලබාදී ඇත.

සාකච්ජා, සම්න්ත්‍රණ සහ රැස්වීම් ආදිය හැකි සෑම අවස්ථාවන් වලදීම මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට උපදෙස් ලබාදී ඇත.

නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ…