හෙට සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ කෙසේද ?

September 30, 2021 at 3:06 PM

හෙට උදෑසන 4.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරුණද පොදු ප්‍රවාහන පවත්වාගෙන යාමේ යම් සීමා පනවා ඇතිබව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා පළාත් අතර කිසිදු පොදු ප්‍රවාහන සේවාවක් ධාවනය කිරිමට කටයුතු නොකරන බවයි මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

මේ අතර දුම්රිය ධාවන කටයුතුද හෙට ආරම්භ නොකරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. මගීන් බොහෝ දෙනා දුම්රියේ සිට ගෙන යෑම නිසා කොවිඩ් වෛරසය පහසුවෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වුවත් කොළඹ ඇතුළු වැඩි වශයෙන් දුම්රිය මගීන් ගමන් කරනා පළාත් තුල බස් ධාවනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ.