වරායේ ඇති කිරිපිටි තොග ගැන ආනයනකරුවන් තීන්දුවක් ගන්න සැරසේ

September 30, 2021 at 11:16 PM

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ඊයේ නිදහස් කරනු ලැබූ බවයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ආනයනකරුවන් හා වරාය අමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ද අනාවරණය වුයේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත්වීම ප්‍රමාදවන බවයි.

අද දක්වාම එම ගැටලුවට විසඳුමක් නොලැබුණු බැවින් කොළඹ වරායේ රඳවා ඇති කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියේ.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ කිරිපිටි නරක්වීමේ අවදානමක් ඇති බැවින් එවැනි පියවරක් ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයන බවයි.