ඇඳිරි නිතිය ඉවත් කලත් පළාත් අතර සංචරණ සීමා දිගටම

September 30, 2021 at 11:34 AM

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය හෙට අලුයම 4.00 සිට ඉවත් කෙරුණද පළාත් අතර සංචරණ සීමා අඛන්ඩව ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය පනවනු ලැබූවා.

මේ අතර හෙට දිනයේදී ඇඳිරි නිතිය ඉවත් කිරීමෙන් අනතුරුව එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද සවස නිකුත් කිරිමට නියමිත බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.