ආනයන සීමා අවම පරිදි සහන සලසන්නැයි අගමැතිගෙන් උපදෙස්

September 30, 2021 at 8:01 AM
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණවලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින්. ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊට අදාළ විසදුම් ඉදිරිපත් කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
ඇතැම් ආනයන සීමා හේතුවෙන් මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රයටත් එමගින් අපනයන ආර්ථිකයටත් බලපෑම් එල්ල විය හැකි බව නෙත් නිවුස් ඉකුත්දා පළමුවරට අනාවරණ කළේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මෙන්ම විද්වතුන්ගේ ද අදහස් ගෙනහැර දක්වමින්.