නිරෝධායන ඇඳිරි නිතිය ඉවත් කෙරේ

September 29, 2021 at 4:36 PM

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිම වෙනුවෙන් පනවා තිබු නිරෝධායන ඇඳිරි නීතිය ලබන ඔක්තෝම්බර් මස 01 වෙනිදා අලුයම 4.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව රට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් ඉදිරියේදී දැනුම් දෙනු ලබන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර රට නැවත විවෘත කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද ට්වීටර් සටහනක් තබා තිබුණා.