තවත් කේෂ්ත්‍ර 05ක් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය

September 29, 2021 at 6:20 PM

මෙරට කේෂ්ත්‍ර 05ක් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාව තෙවන මාත්‍රාවක් ලෙස ලබාදීමට මෙරට සෞඛ්‍ය බලධාරීන් අද දිනයේදී තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ මෙලෙස 03 වන මාත්‍රාව ලබාදීම පහත දැක්වෙන කේෂ්ත්‍ර සඳහා ලබාදීම සිදුකරනු ලබන බවයි.

* ඇස්ට්‍රාසෙනිකා හෝ සයිනෝෆාම් එන්නත පළමු සහ දෙවන මාත්‍රාව ලෙස ලබා ගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා.

* නිධන්ගත රෝග වලින් පෙළෙනු ලබන වයස අවුරුදු 30-60ත් අතර පසුවන පුද්ගලයින්ට

* වකුගඩු සහ පිළිකා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට

* සෞඛ්‍ය සේවකයින්ට

* ඉදිරිපෙළ සේවා කටයුතුවල නියැලෙන පුද්ගලයින්ට

මෙලෙස ෆයිසර් එන්නත් මාත්‍රාව තෙවන මාත්‍රාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ.