ServeAlly නවතම වෙබ් අඩවිය දියත් කරමින් නිපුණතා ප්‍රවර්ධනය ඩිජිටල්කරණය කරයි

September 27, 2021 at 11:27 AM

වර්තමානය වන විට ගෝලීය සම්පත් බහුල වීම, පහත බසින මිල ගණන් සහ ලාභ අඩු කෙරෙන ප්‍රවණතා හේතුවෙන් ලොව පුරා ආයතනවලට තම ඩිජිටල් ගමන් මගේ ක්ෂණික වෙනස්කම් සිදු කිරිමට හා නිපුණතාවන්ගෙන් සමන්විත තාවකාලික කාර්ය මණ්ඩල කරා මාරු වීමට සිදුව තිබේ. නව සාමාන්‍ය තත්ත්වයට සරිලන තාක්‍ෂණික නිපුණතාවන්ට ඇති ඉල්ලුම ඉහළ යාම මෙන්ම සාමාන්‍ය නිෂ්පාදන ක්‍රමවේද විවේචනාත්මක පරික්ෂාවට ලක්වීම සහ මූලිකත්වය දිය යුතු ක්‍රමවේද යළි සලකා බැලීමට සිදු වීමත් සමග, ආයතනවල ප්‍රධාන ව්‍යාපෘතීන්හි කටයුතු කිරීම සඳහා  සුදුසු සම්පත් සොයා ගැනීමට හැකියාව පැවතීම ඉතාමත් වැදගත් වේ.

ServeAlly යනු, වර්තමානයේ උසස් මට්ටමේ තාක්‍ෂණ නිපුණතාවන් සඳහා වන අවශ්‍යතාව හඳුනා ගනිමින්, Zone24x7 Inc හි අනුබද්ධ ආයතනයක් ලෙසින් දියත් කෙරෙන කාර්ය මණ්ඩල වර්ධන ඒකකයයි. ආයතනවලට තම ව්‍යාපාර ධාරිතාවය පුළුල් කර ගැනීමට සහ මෙහෙයුම් පිරිවැය අඩු කර ගැනීමට කාර්ය මණ්ඩල ලීසිං සේවාවන් පිරි නමමින් ServeAlly ක්ෂේත්‍රයේ විශේෂඥතාව දක්වයි.

ඒ අනුව, සිය මූලික ව්‍යාපාර අවශ්‍යතා සපුරාලීම පිණිස  ආයතනවලට සහය දැක්වීම සඳහා අසමසම ඉංජිනේරු නිපුණතාවන් සපයන ආකාරය පිළිබඳ විදහා දක්වමින් ServeAlly, මුළුමනින්ම අලුත් කළ සිය නවතම වෙබ් අඩවිය එළි දක්වා තිබේ. එමගින් වේගවත් ව්‍යාපාරික ලෝකයක, සුවිශේෂී ව්‍යාපාරික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද ආකෘතීන් ගණනාවක් ඔස්සේ, කාර්ය මණ්ඩල ප්‍රවර්ධනය  සිදු කෙරෙන ආකාරය පිළිබඳ නවතම දැක්මක් ඉදිරිපත් කර තිබේ. ServeAlly මගින් ක්‍රියාත්මක කරන සුවිශේෂී ඉංජිනේරු උත්පාදක වැඩසටහන වැනි, ආයතන හා කාර්ය මණ්ඩල වෙත සුවිශේෂී ප්‍රතිලාභ අත් කර දෙන අනෙකුත් වැඩසටහන් පිළිබඳවද පූර්ව අවබෝධයක් ලබා ගත හැකි අයුරින්, පහසුවෙන් තොරතුරු දැන ගත හැකි පරිදි මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

ServeAlly මගින් පවත්වාගෙන යන ඉංජිනේරු උත්පාදක වැඩසටහන, වෙළෙඳ පොළ තුළ නිපුණ වෘත්තිකයින් සඳහා වන ඉල්ලුම සහ ඉංජිනේරුවන් සතු සැබෑ කුසලතා අතර පවතින පරතරය පියවීමේ අරමුණින්, කුසලතාවෙන් පරිපූර්ණ, ‘වෙළෙඳ පොළ සඳහා සූදානම්’ ඉංජිනේරුවන් ප්‍රවර්ධනය කෙරෙන සුවිශේෂී වැඩසටහනකි. මෙම වැඩසටහන මගින්, එහි නිපුණ වෘත්තිකයින් හට ව්‍යාපාරික පරිසරය තුළ ඉහළම සාර්ථකත්වයක් අත්කර ගැනීමට මග පාදා තිබේ, ServeAlly වෙතින් මෙලෙස හොඳම ඉංජිනේරු කුසලතා ක්ෂේත්‍රයට පිරිනමන්නේ කෙසේද යන්න පිළිබඳව දැන ගැනීමට serveally.com වෙත පිවිසිය හැකිය.

Zone24x7 වෙතින් බල ගැන්වෙන ServeAlly කැලිෆෝනියාවේ සැන් ජෝස්හි මූලස්ථානය පිහිටුවා ගනිමින් ලොව පුරා විහිදුණු ගෝලීය තාක්‍ෂණික සමාගමකි. එම සමාගමේ කොළඹ පිහිටුවා ඇති තාක්ෂණික මධ්‍යස්ථාන මගින් දශක දෙකකට අධික කලක් තිස්සේ, තාක්ෂණික නවෝත්පාදන සහ සේවවාන් ශ්‍රී ලංකාවේද විහිදුවා තිබේ.  ආයතන හා සහයෝගයෙන්, තාක්ෂණික වෘත්තිකයින් සඳහා වන ආයතනික අවශ්‍යතා සපුරාලමින් ඔවුන් වෙත හොඳම විසඳුම් පිරිනැමීමට එම සමාගම කටයුතු කරයි. ආයතනයන්හි ප්‍රධානතම ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහය දක්වන ServeAlly, ආසියාවේ  අවශඅආසියාවේ ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු සේවක මණ්ඩලයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නිරතුරුවම කැපවී සිටියි.