උතුරු කැරොලිනාවේ ‘එන්නත් ගන්න එපා’ පණිවුඩය ගිය දුර

September 26, 2021 at 10:03 AM

උතුරු කැරොලිනාවේ චාලට් නගරයේ ගමන් ගත් ට්‍රක් රථයක් එහි බොහෝ නගරවාසීන්ගේ අවධානය දිනා ගත්තේ එහි සටහන් වූ වැකියක් හේතුවෙන්.

“එන්නත් ගන්න එපා”

එහි සඳහන්ව තිබුණි.

වැඩිදුරටත් දැක්වුණේ එම ට්‍රක් රථය අවමංගල සේවා ආයතනයකට අයත් බවකි.

නමුත් සත්‍ය සොයාගිය කළ අනාවරණය වූයේ එය වෙළඳ දැන්වීම් ආයතනයක උපක්‍රමික සංකල්පයක් බවයි.

ජනතාව එන්නත්කරණය ට යොමුකිරීම සඳහා මෙය සිදුකර ඇති අතර එම ලොරියේ සඳහන් පරිදි අවමංගල සේවා ආයතනයක් එරට නැත.

නමුත් එහි දක්වා ඇති වෙබ් ලිපිනයට ගොස් බැලීමේදී

 

“එන්නත ගන්න,නැත්නම් ලඟදීම හමුවෙමු”

ලෙස අවමංගල සේවා ආයතනයේ පණිවුඩයක් ලෙස සටහන් කර තිබුණි.