මොඩර්නා එන්නත ඉල්ලු සරසවි සිසුන් නිසා එන්නත්කරණ මධ්‍යස්ථානය අසල ඇතිවූ උණුසුම (VIDEO)

September 25, 2021 at 7:03 PM

සිය කොවිඩ් මර්දන එන්නත ලෙස මොඩර්නා එන්නත ලබාගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණා.

ඒ අදාළ එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබානොදෙන බවට යුද හමුදා රෝහලේ නිලධාරියෙකු ප්‍රකාශ කිරීමත් සමගයි.

නාරාහේන්පිට යුද හමුදා රෝහලට අද පෙරවරුවේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විශාල වශයෙන් පැමිණ තිබු අතර කෙසේවෙතත් අදාල එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබානොදෙන බවට ප්‍රකාශවීමත් සමග එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

එහි පැමිණි සිසුන් පිරිසක් ප්‍රකාශ කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලිපි ශිර්ෂය යටතේ නිකුත් කළ දැනුම්දීමක් අනුව තමන් එන්නත් ලබාගැනීම සඳහා පැමිණි බවයි.

එම ලිපියේ සටහන්ව ඇත්තේ අද සහ හෙට (26) යන දෙදින තුළ පස්වරු 4දක්වා යුද හමුදා රෝහලේදී මොඩර්නා එන්නත ලබාගත හැකි බවයි.

මේ එහිදී ඇතිවූ තත්ත්වයයි…